Monday, February 14, 2011

ළදරු අවධිය

ප්‍රභූ යැයි සම්මත පවුලක එකම දියණිය වූ මගේ මව මා උපත ලැබූ කාලය වන විට කුඩා කාලයේ ය විඳි ජීවතයට වැඩ කටුක ජීවිතයකට මුහුණ දෙමින් සිටියයය. ඇගේ පිය රෝගාතුර වී වසර 20 ක් පමණද, ඔහු මිය ගොස් වසර 4ක් පමණද, ඇගේ මව මිය ගොස් වසර ක් පමණ වූ හෙයින්ද පවුලේ එකම දරුවා වූ මගේ මව ඒ වන විට බොහෝ හුදකලාව සිටියාය . තවත් එක හුදකලා අහිංසකයෙකු වූ මගේ පියා ආර්ථිකව සවිමත් නොවූ රජයේ සේවකයෙකු විය. මවගේ පිරිහෙන ආර්ථිකයත් , පියාගේ පල් වන ආර්ථිකයත් නිසා පවුලේ ආර්ථිකය ඒ වන විට බොහෝ දුෂ්කර විය. කවර තත්වයක් යටතේ වූවද අප හට එදා වේල අහිමි වූයේ වරක් දෙවරක් පමණි. දෙමාපියනි , ඒ වෙනුවෙන් මාගේ ප්‍රණාමය ..

නිතරම සෙම් රෝග වලට මුහුණ දුන් නිසා, මා ළදරු විහිදී ස්නානය කරව ඇත්තේ ඉඳහිට පමණි. සාපේක්ෂව අපිරිසිදු වූ සොටු පෙරා ගත කැහැටු කොල්ලෙකු වූ මම බොහෝ අයගේ සමච්චලයට හා නොසැලකීමට බඳුන් වන බව මා මුලින්ම තේරුම් ගත්තේ මේ අවධියේ විය යුතුය.අදටත් මාගේ මව නිතරමම මතක් කරන පරිදි , මා ඒ ආකාරයෙන් සිටීම නිසාම ඇතැම් විට සමහරු "ඔහොම ළමයි දිගටම හැදුවොත් තමා පුදුම " යැයි පවසා ඇත. නමුත් නොසැලෙන දිරියෙන් හැකි ආකාරයෙන් මා රැක බලාගත්හ.

පසු කාලීනව මාගේ මවට හිමිව තිබූ ඉඩම විකුණා ඒ මුදල බුද්ධිමත් ලෙස අවදානම් එහෙත පලදායී ආයෝජනයක යෙදූ හෙයින් පවුලේ ආර්ථිකය මදක් යහපත් විය . ගරා වැටෙමින් තිබූ නිවසේ පිළිසකර කිරීම ඇරඹුණි .එවන් දේ මට මතකය . තවත් ටික කාලෙකින් පෙර පරිදිම පවුලේ ආර්ථිකය අසීරු තත්වයකට වැටුණි . එවන් ධන ලාභ හා ආතික අවපාත අපේ පවුලට බොහෝ හුරු පුරුදුය . ඊටත් වඩා මතකයක් මගේ එම අවධිය පිළිබඳව මා හට නිරවුල්ව මතක හෝ අසා දැනගෙන නැත ..

No comments:

Post a Comment