තවද ම මෙම භාවයේ උපත ලබන විට මගේ මවගේ දෙමාපියන් මිය ගොස් තිබුණි .. ඔවුන් ජීවත් වූ පරිසරයද , නිවසේ ස්වභාවයද බොහෝ සෙයින් වෙනස්ව තිබුණි .. නමුත් මා හට නිවස තිබුන ආකාරයද , මිදුලේ පිහිටි ගස්ද , කිසිදා නොදුටු මිත්තනිය හා පවුලේ අනිත් අය (මුත්තා හැර, මා උපත ලබන විට මුත්තා මිය ගොස් අවුරුදු 23 ක් ගතව තිබුණි) හොඳින් මතකය .
මෙකී සිදුවීම් මගේ වර්තමාන පවුලේ කිසිවකුත් තහවුරු නොකරන්නේය. සෑම දාටම ඔවුන් මේ කෙරෙහි මුනිවත රකිති...
එනමුදු තාර්කිකව හා මා හට හැඟෙන අයුරු මා මාගේ මුත්තාද වෙමි .මාගේ මවගේ පියාද වෙමි .. මුත්තාගේ භවයේදී මිය ගොස් , වෙනත් භවයක උපත ලබා තරුනයෙකුව සිටියදී හදිසි අනතුරකින් නැවත මිය ගොස් මේ භවයේදී උපත ලබා ඇත්තෙමි . ඔබ ඇතැම් විට මා මානසික රෝගියෙකු සේ වර්ගීකරණය කල හැක ... නමුත් මා වැරදි නැත්නම් නිවැරදි වීමට හැක ..........